12 April 2017

නැවත පාවිච්චි කළ හැකි අයුරින් පෙළ පොත් භාවිත කළොත් මුදල් තෑගි



නැවත භාවිත කළ හැකි අයුරින් පාසල් පෙළපොත් පරිහරණය කරන සිසුන්ට මෙන්ම සිසුන් ඒ සඳහා යොමු කරන. විදුහල්පතිවරුන්ට, කොට්‌ඨාස, කලාප හා පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට මූල්‍යමය ත්‍යාග පිරිනැමීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දැනට සියයට 15 ක්‌ පමණ වන පෙළපොත් නැවත භාවිතය සියයට 25 දක්‌වා වැඩි කර ගැනීම මෙහි අරමුණ වෙයි.

මේ දක්‌වා නැවත භාවිතයට ගැනුණේ 6, 7, 8 සහ 9 යන ශේ්‍රණිවල පෙළපොත් පමණක්‌ වන නමුත් මින් ඉදිරියට 4 ශේ්‍රණියේ සිට 11 වැනි ශේ්‍රණිය දක්‌වා වූ සියලුම ශේ්‍රණිවල පෙළපොත් නැවත භාවිතය සඳහා යොදා ගැනීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

පෙළපොත් නැවත භාවිතය සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් ඇතුළු බලධාරීන් දැනුවත් කිරීම සඳහා ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් චක්‍රලේඛයක්‌ නිකුත් කර තිබේ.

මෙම වසර සඳහා පෙළපොත් මුද්‍රණයට රුපියල් දශලක්‌ෂ තුන්දහස්‌ අටසිය අසූ පහක්‌ වැය කරන අතර නැවත භාවිතය දිරි ගැන්වීමෙන් පසු මෙම මුදල අඩු කර ගැනීමට දෙපාර්තමේන්තුව අපේක්‌ෂා කරයි.

1 comment: