12 April 2017

බෝවෙන උණක් රටේම – අවුරුදු සමයේ ජනාකීර්ණ ස්ථානවල ගැවසෙන්න එපා



ළඟ එන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ කොළඹ නගරයේ හා නගර බද ජනාකීර්ණ ස්‌ථානවල නොගැවසෙන ලෙසත්, මෙවැනි ස්‌ථානවලදී වෛරස්‌ උණ තව තවත් පැතිර යා හැකි බවත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය පවසයි.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඇය මෙසේද කියා සිටියාය.

“අද බොහෝ පිරිස්‌ සාප්පු සවාරියේ යෙදෙන ස්‌ථානවල දැඩි තදබදයක්‌ පවතින අතර මෙවැනි ජනාකීර්ණ ස්‌ථානවලදී වෛරස්‌ උණ වැඩි වශයෙන් පැතිර යා හැකියි.

“අවුරුදු උත්සවවලත් සෙනඟ වැඩි වශයෙන් ගැවසෙන බැවින් එවැනි තැන්වලත් වෛරස්‌ උණ අවදානම පවතිනවා.

1 comment: