12 April 2017

1929ට බොරු කියන්න එපා



1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවය අමතා අසත්‍ය පැමිණිල් ඉදිරිපත් නොකරන්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 1929 දුරකතන අංකයට ලැබෙන සෑම දුරකතන පණිවිඩයක් පිළිබඳවම අධිකාරිය පරීක්ෂණ කරන බවත් එහිදී ඇතැමි පැමිණිලි අසත්‍ය බවට හෙළිව තිබෙන බවත් එම අධිකාරිය පවසයි.

මෙය රාජ්‍ය නිලධාරීන්ගේ කාලය මෙන්ම රාජ්‍ය මුදල් විශාල ලෙස නාස්ති කරන ක්‍රියාවක් බැවින් අසත්‍ය පැමිණිලි කරන පුද්ගලයන්ට එරෙහිව විශේෂ අවධානයක් යොමුකරන බවත් අධිකාරිය සඳහන් කරයි. 

1929 දුරකතන අංකයට 2016 වසරේදී පැමිණිලි 9631ක් වාර්තා වවූ බවත් එයින් වැඩිම ප්‍රමාණය වූ දුරකතන ඇමතුම් 2180ක් ළමයින් කෘරත්වයට පත්කිරීම් පිළිබඳව වෙයි.

No comments:

Post a Comment