12 April 2017

EU වෙතින් ශ්‍රී ලංකාවට යූරෝ මි. 42ක මූල්‍යාධාර



යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා යූරෝ මිලියන 42ක (ආසන්න වශයෙන් රු.මිලියන 6791.4ක) මූල්‍යාධාර ලබාදීමේ ගිවිසුම් සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය එළැඹ තිබේ.  

මේ යටතේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණ සහයෝගීතා වැඩසටහන සඳහා යූරෝ මිලියන 30ක්ද ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහන සඳහා යූරෝ මිලියන 12ක්ද ලබාදීමට එකඟතාවය ඇති කරගෙන ඇති අතර, මෙම ගිවිසුම්සඳහා අප්‍රේල් මස 06 වැනි දින මුදල් අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්ද, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපතිතුවරයා ඉදිරියේදී අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

No comments:

Post a Comment