12 April 2017

මේ දිනවල කුඩා දරුවන්ට හැකිතාක් වතුර දෙන්න



මෙරටට සූර්යා මුදුන්වීමත් සමඟ පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් කුඩා දරුවන් විජලන තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

කුඩා දරුවන් විජලනයවීමේ තත්ත්වයෙන් මඟ හැරවීම සඳහා පිරිසිදු පානීය ජලය ඇතුළු පාන වර්ග ඔවුන්ට ලබාදෙන ලෙස වෛද්‍යවරයා වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක් කරයි.කුඩා දරුවන්ගේ විජලන තත්ත්වය අවදානම් වුවහොත් ජීවිතයට පවා හානි වීමේ අවදානමක් පවතින අතර, ඒ පිළිබඳව වැඩිහිටියන් වැඩිපුර අවධානයෙන් සිටිය යුතු යැයි ද ඒ මහතා කීය.

කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටියන් ද මේ දිනවල වැඩිපුර පිරිසිදු පානීය ජලය බීමට ගැනීමෙන් සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමට හැකි බව ද ඒ මහතා පැවැසුවේය.

හිරු එළිය පවතින අවස්ථාවන්හි දී ශරීරය වෙහෙසවා වැඩ කරන පුද්ගලයන් වැඩිපුර ජලය පානයට යොමු විය යුතුය.

මේ මස 15 වැනි දා දක්වා සූර්යා ඍජුවම ශ්‍රී ලංකාවට මුදුන් වන අතර සෙල්සියස් අංශක 35 දක්වා ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යාමේ අවදානමක් පවතියි.

1 comment:

  1. බොයි බොයි රසයි පාටයි දාල දුන්නොත්

    ReplyDelete