22 July 2017

2011 තරග පාවාදීමක් වූ බව කීවේ නෑ - අතුරු කමිටුවක් ඕනෑ

2011 වසරේදී ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී තරග පාවාදීමක් සිදු වූ බවට තමන් ප්‍රකාශ කර නොමැති බවත් තමන් පැවැසුවේ ඒ පිළිබඳව සැකයක් පවතින බවත් ශ්‍රී ලංකාව තුළ කට කතාවක් පැතිර යන බවත් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.

සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් අර්ජුන රණතුංග මහතා මේ බව (21දා) ප්‍රකාශ කළේය.

එසේම යහපාලන රජය යටතේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වී යමින් පවතින බවත් ඒ බව ඉදිරි  දිනවලදී ලිපි මගින් ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව බුකීකරුවන් විසින් පාලනය කරමින් තිබෙන බවත් මේ ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරිමට හොඳම කාලය බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment