22 July 2017

ශ්‍රී ලාංකේය පිහිනුම් ඉතිහාසයේ ඉහළම පදක්කම කයිල්ට

පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ මීටර් 100 නිදහස් ආර තරගය තත්පර 50. 93 කින් නිම කළ කයිල් අබේසිංහ රිදී පදක්කමක් දිනා ගනියි.

ශ්‍රී ලාංකේය පිහිනුම් ක්‍රීඩා ඉතිහාසයේදී එදා මෙදාතුර ජාත්‍යන්තර තලයේ දිනාගත් ඉහළම සම්මානය ලෙස මේ ජය්‍රහණය ඉතිහාසයට එක් විය. ශ්‍රී ලංකාව මෙතෙක් දිනා තිබුණේ ආසියානු මට්ටමේ පිහිනුම් ජය්‍රහණ පමණක් වුවද කයිල් අබේසිංහ එය ඉක්මවා යෑමට සමත්වීම විශේෂත්වයකි.

බහමාස් බෙටී කෙයිලී පිහිනුම් සංකීර්ණයේ ඊයේ පැවැති මේ ඉසව්වේ රන් පදක්කම ස්කොට්ලන්තයේ ස්කෝට් ඇලෙක්ස් තත්පර 50.46කින් දිනාගත් අතර ලෝකඩ පදක්කම සිංගප්පුරුවේ ජොනතන් ටෑනි තත්පර 51.10කින් හිමිකර ගත්තේය.

No comments:

Post a Comment