22 July 2017

ඩෙංගුවලට පැපොල් යුෂ

ඩෙංගු රෝගීන් සඳහා පැපොල් පත‍්‍ර යුෂ ලබාදීම සුදුසු ද යන්න සොයා බැලීමට විද්‍යාත්මක පර්යේෂණ සිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ඩෙංගු මර්ධනය පිළිබඳ විශේෂඥයින් පැපොල් පත‍්‍ර යුෂ ඖෂධය පිළිනොගන්නා බවයි. එහෙත් ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව පැපොල් පත‍්‍ර යුෂ ආශ‍්‍රයෙන් ඖෂධ නිෂ්පාදනය කරන බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවා.

ඩෙංගු රෝග මර්දනය සඳහා පැපොල් පත‍්‍ර යුෂ ඖෂධය සුදුසු බවට සමාජය තුළ මතයක් පවතිනවා. එය සොයා ගත්තේ ද ශ‍්‍රී ලංකාවෙන්.

එය රෝගය මර්දනය සඳහා සුදුසු ඖෂධයක් ද යන්න පර්යේෂණ මගින් සොයාගත යුතු බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ශ‍්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

No comments:

Post a Comment