22 July 2017

ඉතිහාසය ගැලවෙයි සමාජ අධ්‍යයනය එයි

දැනට පවතින ඉතිහාසය, භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය යන විෂයයන් වෙනුවට ප්‍රජාචාරය සහ සමාජ අධ්‍යයනය විෂයය හඳුන්වා දිය යුතු බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනා කර ඇත.

ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප එම විෂයයට ඇතුළත් විය යුතු යෑයිද එම යෝජනාවේ සඳහන් වේ.

සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස්‌කරන ලද යෝජනා මාලාවේ ඉහත යෝජනාව ඇතුළත්ව ඇති අතර, සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පවතින ප්‍රායෝගික හා තාක්‌ෂණ කුසලතා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය මෙන්ම අලුතින් හඳුන්වාදීමට යෝජනා කර ඇති ප්‍රජාචාරය සහ සමාජ අධ්‍යයනය විෂයයටද ජීවන කුසලතා අන්තර්ගත කිරීම අවශ්‍ය බවද එහි සඳහන්ව තිබේ.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින දරුවන් සඳහා දැනට පවතින හර විෂයයන් හයට අමතරව ඇති වෛකල්පිත විෂයයන් තුන, දෙක දක්‌වා අඩු කිරීමටද කොමිෂන් සභාව යෝජනා කර තිබේ.

No comments:

Post a Comment