22 July 2017

ලෝකයම හොල්ලපු පිටසක්වලින් පෘථිවියට සංඥාවක් ආපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

පෘථෘවියේ සිටි ආලෝක වාර්ෂ 11ක් ඈතින් පිහිටි ග්‍රහලෝකයක් තුළින් නිකුත් වූ සංඥාවක් පිළිබඳ තාරකා විද්‍යාඥයින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම ග්‍රහලොව අයත් තාරකාවේ ආලෝකය සූර්යාගේ ආලෝකය මෙන් 2800 ගුණයක් අඩු බවද වාර්තාවෙයි.කෙසේ වෙතත් රොස් 128 ලෙස නම් කෙරුණු මෙම තාරකාව වටා ගමන් කරන ග්‍රහලෝක පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතක් සොයාගැනීමට විද්‍යා:යින් අපොහොසත් වී තිබේ.

දකුණු ඇමරිකාවේ පුවටෝ රිකොහි පිහිටි රෙෂියෝ දුරේක්ෂය මගින් මෙම සංඥා ග්‍රහණය කොටගෙන තිබුණි.

කෙසේ වෙතත් මෙම සංඥා කිසියම් බුද්ධිමත් ජීවින් පිරිසක් නිකුත් කළේද නැද්ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව තරකා විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.

No comments:

Post a Comment