09 April 2017

මන්ත්‍රීවරු 10000ක් නඩත්තු කරන්න මිනිස්සුන්ට බෑ



රජය ජනතාවට දුන් පොරොන්දුව අනුව ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා අනිවාර්යයෙන්ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, නාගරික සංවර්ධන සහ ජල සම්පත් හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.

මහනුවර, පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේදී ඊයේ (08දා) සවස පැවැති ජාතික සමගි පදනමේ උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‍

දැන් ඉන්නෙ මන්ත්‍රීවරු තුන්දහස් ගාණයි. නමුත් අලුත් සංශෝධන අනුව මන්ත්‍රීවරු දසදහසක් විතර වෙනවා. මන්ත්‍රීවරු 10,000ක් එක්ක පළාත් පාලන ක්‍රමයක් පවත්වාගෙන යන්න අපිට ආර්ථික ශක්තියක් තියෙනවද? ඒව සැලකිල්ලට ගන්නෙ නැද්ද? ඒවා ගැන හරියට බලන්නෙ නැතිව අඳුරේ අතපත ගානව වගේ වැඩක් කරන්නයි සමහර ඇමතිවරු හදන්නෙ.

ඒවා කරන්න බැහැ. මේ සංශෝධන කරන්න බැරිනම් පරණ  ක්‍රමයට හරි මැතිවරණය තියන්න ඕන. මැතිවරණය කල් දැමීමේ  කිසිම තේරුමක් නෑ . ඔක්කොම එකතු වෙලා තියෙන ක්‍රමයට මැතිවරණය තියලා ඊට පස්සේ සංශෝධය කරන්න පුළුවන්. මේවා ගැන කතා කරන්නෙ නැතිව, එකඟතාවක් නැතිව සාර්ථක කරගන්න බැහැ යැයි පැවසීය.

No comments:

Post a Comment