09 April 2017

වසර 13ක අධ්‍යාපනය අනිවාර්යයි



සෑම ළමයෙකුම වසර 13ක අනිවාර්යය අධ්‍යාපනයක් ලැබිය යුතු බවට වන පනත් කෙටුම්පත මේ වසර තුළ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මොරටුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ අතර දූෂණ, අක්‍රමිකතා සිදුකරන පුද්ගලයින් ඇප මත මුදාහැරුණද අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව ඔවුන්ට නිසි දඬුවම් නියම වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇප මත නිදහස් වීම පිළිබඳ බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment