09 April 2017

බස් ගාස්තුව වැඩියෙන් ගත්තොත් මේ අංකයට කියන්න



උත්සව සමයේ ගම් බිම් බලා යන මඟීන්ගෙන් නියමිත ප්‍රවේශ පත්‍ර ගාස්තුවට වැඩි ගාස්තුවක් අය කරන බස්වල මඟී ප්‍රවාහන බලපත්‍රය මාස තුනකට තහනම් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති එම්.ඒ.ජේ. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ මේ වන විටත් වැඩි ගාස්තු අයකිරීම සම්බන්ධයෙන් බස් රථ මගීන්ගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

මෙවැනි බස් රථ සම්බන්ධයෙන් 1955 දරණ ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එම්.ඒ.ජේ. හේමචන්ද්‍ර මහතා පැවවේය.

මේ අතර දුර ගමන් සේවා බස් රථ ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී පළාත් අධිකාරීන්ට අයත් බස් රථද දුර ගමන් සේවා සඳහා යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය.

එම බස් රථ සඳහා පමණක් විශේෂ වූ ගමන් ගාස්තුවක් හඳුන්වාදී ඇති බව එහි සභාපති එම්.ඒ.ජේ. හේමචන්ද්‍ර මහතා පවසයි.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ වල ගාස්තු පිළිබඳවද 0117 555 555 යන දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment