09 April 2017

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන අවම ප්‍රමිතිය ළඟදීම ගැසට් කළ හැකිලු



පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතිය ඉදිරි සති දෙක ඇතුළත ගැසට් කළ හැකි බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා.

එහි ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා සඳහන් කළේ අවම ප‍්‍රමිතිය සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ හදිසි රැස්වීමක් ඉකුත්දා පැවති බවයි.

දැනට සකස් කර ඇති අවසන් ලියවිල්ල වෛද්‍ය පීඨ මණ්ඩල වෙත යොමු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවද වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් හඳුන්වා දීමට නියමිත අවම ප‍්‍රමිතිය සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයකින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

 එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ ලබන අඟහරුවාදා පැවැත්වෙන තම සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි.

No comments:

Post a Comment