09 April 2017

පැනමාවෙන් සහ ලැට්වියාවෙන් උදයංගට ඩොලර් මිලියන 1.5ක් ලැබුණු හැටි සොයයි



රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් බැංකු ගිණුම් 16කට පැනමාවෙන් සහ ලැට්වියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක් හෙවත් රුපියල් මිලියන 225.5කට වැඩි මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ.

යුක්රේනයේ නිෂ්පාදිත MiG-27 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් රජයට සිදුවූ අලාභය පිළිබඳ පරීක්ෂණ කිරීමේදී මේ බව හෙළි වූ බවත් මෙම මුදල් ලැබුණු ආකාරය අපහැදිළි බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී ඇත.

සැකකරු ඇමරිකාවේ පදිංචි වී සිටින බව කියැවෙන හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් අන්තර්ජාතික වරෙන්තුවක් නිකුත් කර ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සඳහන් කරයි.
සැකකරු හමුවේ අත්සන් තබන ලද කොන්ත්‍රාත්තුවේ මුල් පිටපත් තවමත් සොයාගැනීමට නොහැකි වී ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මහේස්ත්‍රාත් වරිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

No comments:

Post a Comment