09 April 2017

මහේන්ද්‍රන්ට 'මගේ දෙයියනේ' කියවිලා



යාපනේ සිටි මහා බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට දුරකථනයෙන් කතා කර පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම එක්දින ද්‍රවශිලතා ණය සහ ප‍්‍රති ගැණුම් ණය ගෙවා නැහැ කියා කී විට අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එකවරටම ‘මගේ දෙයියනේ’ කියලා කියවුණා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අභයන්තර මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් රංජිත් රුද්‍රිගු මහතා පැවසීය.

“මගෙයි පර්පචුවල් ටෙ‍්‍රෂරීස් එකයි අතර තියෙන සම්බන්දේ ඔයා දන්නවානේ ඒක නිසා ඔයා ස්වාධීන තීරණයක් ගන්න. හැබැයි ඒක මට දැනුම් දෙන්න” යැයි අර්ජුන් මහෙන්ද්‍රන් මහතා තමාට කී බවත් ඊට පසු දිනෙක පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස්  මහතා  පළිසේන මහත්මිය සහ තවත් අයෙකු සමඟ මාගේ කාර්යාලයට පැමිණි බවත් පද්ධතියේ ඇනහිටීමේ තත්වයක් ඇතිවීම නිසා එක්දින ද්‍රවශිලතා වෙළඳ ණය ගෙවා දැමීමට නොහැකි වු බවත් රුපියල් බිලියන 1.2ක මුදලක් වැදියට ගණනය කොට ඇති බවද ඔවුන් ඒ අවස්ථාවේදීම කී බවත් නිහාල් රංජිත් රුද්‍රිගු මහතා පැවැසීය.

මේ ආකාරයට එක්දින ද්‍රවශිලතා වෙළඳ ණය ගෙවීම පැහැර හැරි අවස්ථාවන් දෙකක් තමා මීට පෙර අසා ඇතැත් එම අවස්ථා දෙකේදී නොගෙවු ණය මුදල් වලට වඩා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ගෙවීම පැහැර හැරි මුදල විසිපස් ගුණයක් වැඩි බවත් පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

No comments:

Post a Comment