09 April 2017

වැඩ ගොඩකට සෞදි රජයෙන් ඩොලර් මිලියන 263



මෙරට සංවර්ධන ව්‍යාපෘති දෙකක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 263ක මූල්‍යාධාර ලබාදීමට සෞදි අරාබිය ඉදිරිපත් වී සිටිනවා.

ඒ සඳහා වූ ගිවිසුම්වලට රියාද් නුවර දී අත්සන් තැබූ බවයි ඇරබ් නිව්ස් පුවත්පත සඳහන් කළේ.

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ උපදේශක අබ්දුල්ලා අල් ෂෙඩෝකි සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග ඊට අත්සන් තබා තිබෙනවා.

මහවැලි ගඟේ වම් ඉවුර පහළ නිම්නය සංවර්ධනය කිරීම ඉන් එක් ව්‍යාපෘතියක් වන අතර වයඹ විශ්වවිද්‍යාල සහ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය දෙවැන්නයි.

මහවැලි ගඟේ වම් ඉවුර පහළ නිම්න ව්‍යාපෘතිය යටතේ කින්නියා - කන්තලේ,  ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව ප්‍රදේශවල කුඹුරු සඳහා කන්න දෙකේදීම වාරි ජලය සැපයීමට සැලසුම් කෙරෙනවා.

No comments:

Post a Comment