21 April 2017

මීතොටමුල්ල අවතැන්වූවන්ට නිවාස ලබා දීමට මිලියන 300 ක්



මීතොටමුල්ල කුණු කන්ද නාය යැමෙන් අවතැන්වූවන් සඳහා නව නිවාස ලබාදීම වෙනුවෙන් කොළඹ මහ නගර සභාව රුපියල් මිලියන 300 ක්‌ වෙන්කර ඇත.මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් කළ දැනුම්දීමට අනුව මෙම මුදල ගෙවීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන භාණ්‌ඩාගාරික කේ. ඩී. චිත්‍රපාල මහතා පැවසීය.

මෙම මුදල ගෙවීම සඳහා නගර සභා සීමාව තුළ වරිපනම් නොගෙවා ඇති ස්‌ථානවල හිඟ මුදල් එකතු කර ගැනීමටත් පොළවල්, රථගාල් ඇතුළු රජය සතු ස්‌ථානවලින් නීත්‍යානුකූල ආකාරයෙන් බදු මුදල් එකතු කර ගැනීමටත් හැකි බව ද ඒ මහතා කීය.

No comments:

Post a Comment