21 April 2017

සයිටම් පාලනයට කොමිසමක් / රාජ්‍ය යාන්ත්‍රණයේ වෙනසක් : ජනපති



සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොළඹ කොටස් වෙළඳපොළ යටතේ ලැයිස්තුගත කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

කොළඹ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැත්වෙන හමුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

සයිටම් ආයතන පරිපාලනයට වෙනම කොමිසමක් පත් කරන බවයි ජනාධිතිවරයා කියා සිටියේ.

වර්තමානයේ රටේ ආර්ථිකය ශක්තිමත්ව හා ස්ථාවරව ඉදිරියට ගමන් කරන බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති විදේශ සංචිත ප්‍රමාණය බිලියන 5 ඉක්මවා ඇති බවද සදහන් කළා.

ඉදිරි සති දෙක ඇතුළත රාජ්‍ය ආයතනවල තනතුරුවල වෙනසක් සිදු කරමින් රාජ්‍ය යාන්ත්‍රණයේ වෙනසක් සිදු වනු ඇති බවද ජනපතිවරයා සදහන් කර තිඛෙනවා.

එමෙන්ම මීතොටමුල්ල සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයන් පිළිබඳව සොයා බැලීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු යටතේ මාසයක් ඇතුළත විමර්ශනයක් සිදු කර වාර්තාවක් කැඳවන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා මෙහිදී කියා සිටියා.

No comments:

Post a Comment