21 April 2017

උ.කොරියාව යුධ වැදීමට සූදානම් නිසා චීනය හා රුසියාව දේශසීමා ආරක්ෂාව තර කරයි



උතුරු කොරියානු ජනපති කිම් ජොන්ගේ ක්‍රියාකලාපයත් සමග ඇමරිකාව සහ උතුරු කොරියාව අතර යුද්ධයක පෙරනිමිති පහලවී ඇත.

මේ හේතුවෙන් රුසියානු ජනපති වැලැඩ්මීර් පුටින් විසින් රුසියාවේ කොරියානු දේශසීමා ආසන්නයට යුධ උපකරණ සහ අවිආයුධ ස්ථානගත කිරීමට කටයුතු කර ඇති බවට වාර්තා වේ. යම් හෙයකින් යුධවාතාවරණයක් ඇතිවුව හොත් දේශසීමා හරහා රුසියාවට විශාල සරණාගතයින් ප්‍රමාණයක් පැමිණීමට ඉඩ ඇති බැවින් මෙම දේශසීමා ආරක්ෂණ වැඩපිළිවෙල යොදා ඇත.

එසේම චීන රජයද තම දේශ සීමා ආශ්‍රිතව යුධ සෙබළුන් 150,000 ක ප්‍රමාණයක් ස්ථාපිත කිරීම කටයුතු යොදා ඇත.

පසුගියදා ඇෆ්ගනිස්ථානයට හා සිරියාවට එල්ල කල ප්‍රහාර පිළිබඳ සලකා බලා මෙම ආරක්ෂිත පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

No comments:

Post a Comment