21 April 2017

“බෙල්ලන් අතර කඟවේනා” පිලිපීනයෙන් හමුවේ | VIDEO



දුලබ ගණයේ සමුද්‍ර ජීවියකුගේ ප්‍රථම වතාවට පණ පිටින් පිලිපීනයෙන්  සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ.

නැව් පණුවා (shipworm) නමින් හඳුන්වන මෙම බෙල්ලන් විශේෂය  දිගින් මීටර 1.55ක් සහ වට ප්‍රමාණයෙන් සෙන්ටි මීටර 6ක ප්‍රමාණයක් දක්වා විශාල විය හැකි බව අමෙරිකා විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත්ව ඇත.

මිත්‍යා විශ්වාසයක් වන තරමටම මේ ජීවියා දුර්ලභ දැකීමක් වන නිසා විද්‍යාඥයන් ඌට දී ඇති අන්වර්ථ නාමය “බෙල්ලන් අතර කඟවේනා” යි.

වැසුණු ඝනකම් කැල්සියම් කාබනේට් කොපුවක් තුළ මෙම “ෂිප්වර්ම්” ජීවියා ජීවත් වී ඇති අතර මඩෙහි ඔබා ගත් උගේ හිසින් ආහාර සපයා ගනී.


මොවුන්ගේ පැවැත්ම පිළිබඳ වසර ගණනාවක සිට දැන සිටියද මේ වනතෙක් සජීවී නිදර්ශකයක් අධ්‍යනය කර නොතිබුණි.

අමෙරිකානු ජාතික විද්‍යා ආයතන අධ්‍යයනයකට අනුව Kuphus polythamia යන විද්‍යාත්මක නමින් ද හැඳින්වෙන මෙම දුලබ සහ ගුප්ත සත්වයා මෙතෙක් හමු වූ දිගම ජීවී ද්විකපාට බෙල්ලා ලෙසින් සැලකේ.
මින්දනාවෝ මුහුදු බොක්ක ආශ්‍රිතව විශාල නැව් පණුවන් පස්දෙනකු සොයා ගැනීමට අමෙරිකානු, පිලිපීන සහ ප්‍රංශ ජාතිකයන්ගෙන් සමන්විත විද්‍යාඥ කණ්ඩායමකට හැකි වී තිබේ.

radio gagana

No comments:

Post a Comment