21 April 2017

මීතොටමුල්ලටවත් නැති පරිසර අමාත්‍යාංශයේ දැවන්ත ඛෙන්ස් කාර් වියදම


 මීතොටමුල්ල කසල කන්දේ ෙඛ්දවාචකයෙන් මේ වන විට පුද්ගලයින් තිස් දෙනකුට වැඩි පිරිසක් මරණයට පත්ව තිඛෙනවා. එහෙත් ඒ සදහා ලබාදෙන අවසන් වන්දි මුදලක් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැහැ. කෙසේ වෙතත් ආපදාවන්ට අදාළව ජාතික රක්ෂණ භාර අරමුදල හරහා රුපියල් ලක්ෂයක වන්දි මුදලක් මිය ගිය පුද්ගලයකු වෙනුවෙන් ලබාදෙන බවයි ප්‍රකාශ වී ඇත්තේ. තත්ත්වය මෙසේ තිබියදී පරිසර අමාත්‍යාංශයේ භාවිතය වෙනුවෙන් ඛෙන්ස් රථ 2ක් දිවයිනට ගෙන්වා ඇත්තේ තිබුණේ ආසන්න කාල සමයකදීයි.

මේ වෙනුවෙන් ලක්ෂ 5740 ක් වැය කළ බවට චෝදනා එල්ලවූ අතර එහෙත් ඒ සදහා වැය වූුයේ ලක්ෂ 1480ක් පමණක් බවයි මුදල් අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි එම මුදල නිවරදි නොවන බව රේගු දෙපාර්තමේන්තුවේ වාර්තා හෙළිකරනවා.

ඒ අනුව අදාළ මෝටර් රථ 2ක රජයේ බදුවලින් නිදහස් කළ පසුවද ඒ සදහා රුපියල් ලක්ෂ 4260ක් වැය කර ඇති බවයි අනාවරණ වන්නේ.

මේ ඊට අදාළ ලේඛනයයි.

No comments:

Post a Comment