14 May 2017

සයිබර් ප්‍රහාරයෙන් ලංකාවට බලපෑමක් නෑ

රටවල් 99 ක පරිඝණක පද්ධතින්වලට ප‍්‍රභල සයිබර් ප‍්‍රහාරයක් එල්ලවි තිබෙනවා.මෙම ප‍්‍රහාරයෙන් ඇතැම් රටවල පරිගණක පද්ධතින් සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වි ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.කෙසේවෙතත් ශ‍්‍රි ලංකාවට මේ ප‍්‍රහාරයෙන් බලපෑමක් එල්ලවි නැති බවයි පරිඝණක ආරක්ෂක ඉංජිනේරුවරුන් පවසන්නේ.

අති ප‍්‍රභල සයිබර් ප‍්‍රහාරයෙන් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, රුසියාව, චීනය, ඉතාලිය සහ තායිවානය ඇතුලූ රටවල් 99 ක පරිගණක පද්ධතින්වලට දැඩි බලපෑමක් එල්ලවි තිබෙනවා.ප‍්‍රහාරය හේතුවෙන් එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමරිකා ජාතික ආරක්ෂක ඒජන්සියේ පරිගණක මෘදුකාංගයක් යොදා ගනිමින් මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල කර ඇති බවටයි පරිඝණක ඉංජිනේරුවන් සැක පළකරන්නේ.සෑම පරිගණකයකින්ම ඇමරිකන් ඩොලර් 300 ත් 600 ත් අතර කප්පමක් ඉල්ලමින් මෙම ප‍්‍රහාරය එල්ල කර තිබෙනවා.

ඇතැම් පුද්ගලයන් එම කප්පම ගෙවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.රුසියාව, එක්සත් රාජධානිය සහ තායිවානය මේ ප‍්‍රහාරයේ ප‍්‍රධාන ඉලක්ක වි තිබුණා.මේ ප‍්‍රහාරය නිසා ලොව පුරා පරිගණක 60,000 කට ආසන්න සංඛ්‍යාවක් අකර්මන්‍ය වි තිබෙනවා.

තවමත් මේ ප‍්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් භාරගෙන නැහැ.සයිබර් ප‍්‍රහාරයෙන් ශ‍්‍රි ලංකාවේ කිසිදු පරිගණක පද්ධතියටකට හානි වි නැති බවයි පරිඝණක ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ.ඒ සම්බන්ධයෙන් ඔවුන් අවධානයෙන් සිටින බවත් ඔහු සඳහන් කළා.

No comments:

Post a Comment