14 May 2017

සයිටම් සිසුන් බඳවාගැනීම අත්හිටුවන්න – රජයෙන් ඉල්ලීමක්

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සහ සයිටම් ආයතනය විධිමත් කිරිම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරන තෙක් නවක සිසුන් බඳවා ගැනිම අත්හිටුවන්නැයි සයිටම් ආයතනයෙන් රජය ඉල්ලීමක් කර තිබේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා රජය මෙම ඉල්ලීම කර තිබේ.

මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් මේ සතියේ බලාපොරොත්තු වන බව රජයේ ප්‍රකාශකයෙක් කීවේය.

සයිටම් ආයතනය ඇතුළු වෛද්‍ය අධ්‍යාපනයට ආයෝජනය කරන ආයතන කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තු ගත කිරීම, මෙම ආයතනවල අධ්‍යාපනය හා පරිපාලනය ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යෑම සඳහා පාලක මණ්ඩල පත් කිරිම, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ශික්ෂණ රෝහලක් බවට පත් කිරිම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරිම ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක කිරිමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන ඇති බවත් ඒ සඳහා යම් කාල සීමාවක් අවශ්‍ය බවත් එම ප්‍රකාශකයා කීවේය.

No comments:

Post a Comment