14 May 2017

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කරමින් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදිත් සැමරුමක් පවත්වයි

යුද්ධයෙන් මියගිය දෙමළ සහෝදර ජනතාව සිහිපත් කරමින් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සැමරුම් වැඩසටහනක් පැවැත්වුණා.

ඒ එල් ටි ටී සංවිධාන නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් උපන් ගම වන යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදි.

යාපනය වැල්වැටිතුරෙයි වෙරළ  ප්‍රදේශයේදි පහන් දල්වා යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් සතියේ දෙවන දිනයෙදී මෙම සැමරුම සිදු කර ඇත්තේ.

වැඩසටහන් අවස්ථාවට සහභාගි වු එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසූවේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ මහා සැමරුම් වැඩසටහන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.ව්ග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේදි එළැඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.

යුධ සමයේ සිදු වු යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්විය යුතු අතර, යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට දේශීය පරීක්ෂණ පැවත්වීම පිළිනොගන්නා බවයි මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේ.

No comments:

Post a Comment