14 May 2017

තවත් සුපිරි තරුවක් ක්‍රිකට් පිටියට සමුදෙන්න තීරණය කරයි

දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දරණ ෆෆ් ඩුප් ප්ලෙසිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඩුප් ප්ලෙසිස් පවසන්නේ 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි.

මේ අතර ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ තමන් සමඟ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තවත් දක්ෂ ක්‍රිඩකයින් කිහිප දෙනෙකුම 2019 වසරේ ලෝක කුසලාන  තරඟාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ඇති බවයි.

විදෙස් මාධ්‍යයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ෆෆ් ඩුප් ප්ලෙසිස් මෙම අදහස් පල කර තිබෙනවා.

ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ 2019 ලෝක කුසලාන තරඟාවලියේදී සිය උපරීම දක්ෂතා දක්වමින් තම රැකියාව අවසන් කරන බවයි.

ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 40ක්  එක්දින තරඟ 107ක්  සහ විස්සයි විස්ස තරඟ 36ක් ඩුප්ලේසිස් මේ වන විට ක්‍රිඩාකර තිබෙනවා.

No comments:

Post a Comment