19 June 2017

අවුරුදු 16 ගැටවරයාගෙන් අවුරුදු 31 තරුණියට බබෙක් | PHOTO

මුහුණු පොතෙන් හමුවූ අවුරුදු 16 ක ගැටවරයෙකුට පෙම් බැඳි 31 හැවිරිදි තරුණියක් මාස 8 ක දරුවෙකු බිහි කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම තරුණිය Kathleen Martin වන අතර ඇයගේ වයස 31 ක්. තරුණයා Jack Fucile නම් වන අතර ඔහුගේ වයස අවුරුදු 16 ක්.

ඔවුන් දෙදෙනා මුල් වරට 2015 වර්ෂයේදී දැන හඳුනාගෙන ඇත්තේ මුහුණු පොතෙන් වන අතර ඔවුන්ගේ කතාබහට පසුව ආදරයක් බවට පත්වුණා.

මෙම ආදර සම්බන්තාවයේ ප්‍රතිඵලයක් ලෙස Kathleen Martin ගැබ්ගෙන තිබුණා.

කෙසේ වෙතත් පෙම්වතියට දරුවා ලැබීමට ප්‍රසූත වේදනාවෙන් සිටි අතර රෝහලට ගෙන යෑමට තරම් කාලයක් නොමැති නිසා මෙම තරුණයා රෝහලට දුරකථනයෙන් සම්බන්ධ වී විස්තර දැනගනිමින් දරුවා නිවෙසේදී ප්‍රසූත කර ඇති බවයි වාර්තා වුණේ..

මේ වනවිට එම බිළිඳා යහපත් සෞඛ්‍යය තත්වයෙන් ඇති බවත් මෙය ඇයගේ 3 වෙනි දරු උපත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්.









No comments:

Post a Comment