19 June 2017

ත්‍රීරෝද රථ රියදුරන්ට වෘත්තීය පුහුණුවක්

ත්‍රීරෝද රථ රියදුරන්ට ඉදිරියෙදී ත්‍රීරෝද රැකියාවට අමතරව වෘත්තීය පුහුණුවක් ලබා දෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කො‍ඩි මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (18) හබරාදුව කොග්ගල වෘත්තීය පුහුණු ආයතනයේ නොමිලේ රියදුරු බලපත්‍ර සඳහා අයදුම්පත් ලබාදීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ මෙවන් අදහසක්,

අද අපි තරුණයන්ට ජීවනෝපායක් සඳහා පුහුණු වැඩසටහන් ලබාදීම සිදුකරනවා. තරුණයන් පමණක් නොවේ අද තරුණියන්ද ඒ සදහා එක්වීම පිළිබදව සතුටුවෙනවා. ත්‍රීරෝද රථ සදහා පුහුණුව ලබන්න ඉදිපත් වී ඇති අයගෙන් මම ඉල්ලීමක් කරනවා වයස 18 සම්පුර්ණ වනු ගමන් බහුතරයක් පුරුදුවෙලා ඉන්නේ ත්‍රීරෝද රථයක් අරන් හංදියකට වෙලා මුළු ජීවිතයම එතනට වෙලා ගෙවන්නයි. ත්‍රීරෝද පුහුණුව ලබන සියළු දෙනාට හා දැනට සිටින ත්‍රීරෝද රථ රියදුරන්ට ඉදිරියෙදී වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. ත්‍රීරෝද රථ රැකියාවට අමතරව විදුලි කාර්මික, ජලනල කාර්මික, රැකියාවල යෙදිම සඳහා පුහුණුව ලබාදීම සඳහා යොමු කරනවා. වැඩි ආදයමක් ලබා ගැනීම අපගේ අරමුණයි. නැතිනම් බොහෝ දෙනෙකුගේ ජීවිත තාවකාලික තෘත්තිය කරා ගිහින් ප්‍රශ්න ඇති කරගන්නවා. අද ගෙදර වයර් එකක් ගැඩුනාම හදාගන්න කෙනෙක් නෑ, ටැප් එකක් කැඩුනාම හදාගන්න කෙනෙක් නෑ. ත්‍රී රෝද රථ රියදුරෙකුට ඒ හැකියාව ලබා තිබේනම් ත්‍රීරෝද රැකියාවට අමතරව අමතර ආදායමක් ලැබෙනවා.

රැකියා තිබුනට කවුරුත් පුහුණු වෙන්නේ නෑ. වැල්ඩින් පාඨමාලාව සඳහා අපො. සා. පෙළ. විභාගයෙන් ගණිතය විෂය සමත් නම් මෙම මස 20 දාට පෙර ජර්මානු කාර්මික විද්‍යාලය සඳහා අයදුම් කරන්න. ඒ පාඨමාලාව සම්පුර්ණ කරගතහොත් රැකියාව එලියට එනකොට හිමිවෙනවා. ලංකාවේ නොවේ වැඩිපුර සිටින්නේ ඕස්ට්‍රේලියාවේ. (CGTTI) සීජීටීටීඅයි වෙබ් අඩවියට පිවිස අයදුම් කරන්න. ඒවගේම ඉදිරියේ දී බැකෝ යන්ත්ර) පුහුණු පාඨමාලාවක් ලබන 25වන ඉරිදා ගාල්ල බටපොල ප්‍රදේශයේදී ආරම්භ කරනවා. ඒ සඳහාත් අයදුම්පත් යොමු කරන්න. මට ඇමතිකම ලැබුනාට පසුව රටේ අනෙකුත් වැඩ කරන අතරතුර ගාල්ලේ දරුවන්ගේ අනාගතයට ජයගන්න මුල් තැන දෙනවා. අපේ අරමුණ දුප්පත්කම තුරන් කිරීමයි. දුප්පත්කම අඩුවෙන්ම තුරන්වන දිස්ත්රි.ක්කය ගාල්ල දිස්ත්‍රීක්කයයි. දුප්පත්කම නැතිකරන්න නම් සියළුදෙනා රැකියගත කරන්න වෙනවා. රැකියා ගත කරන්න නම් පුහුණුවක් අවශ්‍ය ඇයි. ඒ සඳහා අපේ වැඩසටහන් ඉදිරියෙදි ආරම්භ කරනවා. අපි හෙට සිට රියදුරු පුහුණුව ආරම්භ කරනවා. තවත් පුහුණු කරුවෙකුගේ සහයෝගය ලබාගෙන දින හතේම පුහුණුව ලබාදී හොද පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

අපි තරුණයන්ගේ හා දරුන්ගේ ප්‍රශ්නය අපි තේරුම් අරගෙනයි සිටින්නේ. සියළු දෙනාගේ දෑතේ සවියෙන් තමන්ගේ දක්ෂතාවයෙන් රැකියවාක් ලබාදීමට නිපුණතාවයක් ඇතිකිරීමේ වගකීම මේ රජය ආරම්භ කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගමෙන් ආපු මිනිසුන්ගේ දුක හදුනාගත් නායකයෙක් හැටියට රාජ්‍ය නායකයා හැටියට අමාත්‍යවරයා හැටියට මට මේ වැඩසටහන් ක්‍රියාත්මක කර ගන්න උපරිම සහයෝගය ලබාදෙනවා. මට මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන මුදල් ගන්න අපි රටවල් කිහිපයක් සමගම සාකච්චා කරා. ඒ වගේම පුහුණුවෙන් පසුත් සියළු රැකියා සඳහා රටවල් වලට යන්නත් විදේශ රැකියා අමාත්‍යාංශයත් සමගත් අපි සකච්චා කර තිබෙනවා. අපේ අරමුණ තරුණයන්ට රැකියා ලබාදීම හා මේරටේ දුප්පත් කම තුරන් කිරීමයි.

මෙම අවස්ථාව සඳහා වෘත්තීය පුහුණු අධිකාරියේ සහාපති ලයනල් පින්තු මහතා උප සභාපති නීතිඥ තිලක් කාරියවසම් මහතා තවත් රාජ්යා නිලදාරින් ජනතා නියෝජියන් ඇතුළු පුහුණු ලාභීන් එක්වූහ.

No comments:

Post a Comment