19 June 2017

උතුරු මහ ඇමති ඉවත් කිරීමේ මෙහෙයුමක් නෑ

උතුරු මහ ඇමතිවරයා ඉවත් කිරීමේ මෙහෙයුමක් නොමැති බවත් ඇමති ධුරයේ රැඳී සිටීම හෝ නොසිටීම ඔහු සතු. කාර්යයක් වන අතර, ඔහු කරන කියන දේ ගැන වගකීමකින් කටයුතු කළ යුතු බවත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ, අද (19දා) කඩුවෙල උසාවි සංකීර්ණයේදී පැවැති සිවිල් නඩුවකට පැමිණි අවස්ථාවේදීය.  උතුරු මහ ඇමතිවරයා වශයෙන් ඔහුට වෙනත් ප්‍රදේශයක් ලෙස එම පළාත වෙන්කර වෙනත් නීතියක් ක්‍රියාත්මක කිරීමට බලයක් නැතැයිද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

ඥානසාර හිමියන් සම්බන්යෙන් මාධ්‍ය‘වේදීන් නැගූ ප්‍රශ්නය පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ, අන්තවාදී ගැටුම් ඇති කරන මෙවැනි හිමිවරුන්න් අත්අඩංගුවට ගැනීමට අසමත්වන්නේ නම්, ඒ සඳහා යම් කිසි දුර්වලතාවක් පවතින බවයි.

No comments:

Post a Comment