19 June 2017

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන්ගේ කාර්යාලයට අමතර මිලියන 2ක මාසික කුලියක්

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට ප්‍රමාණවත් කාර්යාල පහසුකම් ලබානොදීම නිසා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ 23 වැනි මහලේ කොටසක කාර්යාලය පවත්වාගෙන යෑම සඳහා මසකට රුපියල් මිලියන දෙකක පමණ අමතර වැයක් දැරීමට රජයට සිදුව තිබේ.  

ඇමති කබීර් හෂීම් මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහා මීට පෙර වෙන් කර තිබූ කාමර 8න් කාමර 4ක් නැවත පවරා ගැනීම නිසා අලුතෙන් පත්කරන ලද රාජ්‍ය  අමාත්‍යවරයා අමතර මාසික වැයක් මෙසේ දැරීමට සිදුව තිබේ. 

රාජ්‍ය අමාත්‍යවරයා  (19දා) වැඩ බාර ගැනීමට නියමිත අතර ඔහුගේ කාර්යාල කුලිය සම්බන්ධයෙන් රජයේ තක්සේරුකර ලවා තක්සේරු කිරීමටද අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

No comments:

Post a Comment