19 June 2017

ඩෙංගු රෝගීන් 63,000 යි : ප්‍රවේශම් වෙන්නේ මෙහෙමයි

වසරේ මේ දක්වා වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ ගණන 63,000 ක් දක්වා ඉහල ගොස් තිඛෙනවා. එය මෙතෙක් ඉතිහාසයේ වාර්තාවූ වැඩිම රෝගීන් සංඛ්‍යාවද වනවා.

මේ දක්වා ඩෙංගු රෝගයෙන් මිය ගොස් ඇති ගණන 200ක්. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළේ ඩෙංගු රෝගීන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් වාර්තාවන බවයි.

ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය වැඩිදුරටත් පල කළ අදහස්.

“මදුරුවන් ගැටීම වැළැක්‌වීම සඳහා ආවරණ සහිත ඇඳුමක්‌ අඳින්න. විශේෂයෙන් අත් දිග ෂර්ට්‌ අඳිනවා නම් හොඳයි. මොකද මේ ඩෙංගු මදුරුවා උදේ සවස දෂ්ඨ කරන්නේ. ඒ නිසා ඒ සඳහා පැඟිරි තෙල් ශරීරයේ ආලේප කරගන්නවා නම් හොඳයි. ඒ වගේම ඒවා නිවෙස්‌ තුළ ඉසින්න. එසේම නිවාස පරිශ්‍ර තුළ මදුරුවන් බෝවිය හැකි ස්‌ථාන විනාශ කරන්න. එමෙන්ම වැහි පීලි නිරන්තරයෙන්ම සුද්ධ කරන්න. ඒ වගේම කැළි කසළ ගොඩගැහිලා තියෙනවා නම් ඒවා පොහොර ගෝනියක හරි දාලා තියන්න.

“එසේම පැය 48 කට වඩා උණ තියෙනවා නම් වහාම රජයේ වෛද්‍යවරයකු හමුවෙලා ප්‍රතිකාර ගන්න.

No comments:

Post a Comment