11 May 2017

ලෝක කාලගුණය ඉදිරි වසර 15දි ලොකු වෙනසකට ලක් වෙන බව හෙළි වෙයි



ඉදිරි වසර 15 ක කාලය තුළ එනම්, 2025 වනවිට මිහිතලයේ උණුසුම කාර්මිකකරණයට  පෙර පැවති උෂ්ණත්වයට වඩා සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1.5 කින් ඉහළ යනු ඇති බව නව විද්‍යාත්මක අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

එය පැරිස් කාලගුණ සම්මුතිය මගින් පෙන්වා දී ඇති අනතුරුදායක මට්ටමේ කාලගුණ වෙනසක් ලෙසයි සැළකෙන්නේ.

මෙම වාර්තාව ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් පැරිස් කාලගුණ සම්මුතිය සළකා බලමින් සිටින අවස්ථාවක නිකුත් කිරීමද විශේෂත්වයක්.

සෙන්ටිගේ‍්‍රඩ් අංශක 1.5 කින් උෂ්ණත්වය ඉහළ යාම ලෝකයේ සාමාන්‍ය කාලගුණය නැවතත් යථා තත්ත්වයට පත් නොවීමේ සළකුණක් ලෙස ද විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

No comments:

Post a Comment