11 May 2017

ආගම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් 45 දෙනෙකුට තුවාල | VIDEO



මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගුන්හි ඊයේ කලබලකාරී තත්වයක් ඇතිවී තිබෙනවා.

කලහකාරී ලෙස හැසිරුණු බෞද්ධ සහ මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇතිවූ අතර ඔවුන්ව විසුරුවා හැරීම සඳහා එරට පොලිසිය අහසට වෙඩි තබා තිබුණා.

මුස්ලිම් කණ්ඩායම වෙසෙන ප්‍රදේශය වෙත පැමිණි භික්ෂූන් වහන්සේ කිහිප නමක් ඇතුළු බෞද්ධ කණ්ඩායම පවසන්නේ ඔවුන් මියන්මාරයේ සුළුතර ප්‍රජාවට අයත් රෝහින්ග්‍යා වැසියන් බවයි.

මේ පිරිසට මුස්ලිම්වරු විසින් අමානුෂික අන්දමින් සලකන බවත් ඔවුන් පවසා තිබුණා.

එම පිරිස නගරයේ නැගෙනහිර මින්ගලාර් තවුන්ග් නියුන්ට් ප්‍රදේශයේ නීති විරෝධී ලෙස සැඟවී සිටි බවත් බෞද්ධ කණ්ඩායම පවසා තිබෙනවා.

මේ ගැටුමෙන් 45 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

ඔවුන් මේ වනවිට රෝහල්ගතාකර  සිටිනවා.

No comments:

Post a Comment