11 May 2017

HIV ආසාදිතයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ නංවාගන්න පුළුවන්



මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය හෙවත් HIV වෛරසය ආසාදිතයින්ට සාමාන්‍ය ආයු අපේක්ෂාව පවත්වාගෙන යාමේ අවස්ථාව උදාවී ඇති බව අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.

එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය මඟින් සිදුකළ අධ්‍යයනයකදී තහවුරු වී ඇත්තේ HIV ආසාදිතයින් සඳහා සිදුකරන ප්‍රතිකාර වල දියුණුව හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බවයි.

ඒ අනුව නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් HIV ආසාදිතයින්ගේ ආයු අපේක්ෂාව, මීට පෙර පැවති තත්වයට වඩා වසර 10කින් පමණ ඉහළ නංවාගැනීමට හැකි බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

එහෙත් එන්නත් මාර්ගයෙන් ඖෂධ ලබාගත් පිරිස් වෙත මෙතෙක් එම ආයු අපේක්ෂාව ඉහළ නංවාගැනීමට හැකි වී නොමැති බව අනාවරණය වී තිබේ.

අධ්‍යයන කණ්ඩායම පෙන්වාදෙන්නේ මෙම තත්වය පසුගිය වසර 40 තුළ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ලබා ඇති ඉහළම සාර්ථකත්වය බවයි.

No comments:

Post a Comment