11 May 2017

වේදනා නාශක ඖෂධ හෘදයාබාධවලට හේතුවක් බව නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි

ප්‍රතිපදාහ වේදනා නාශක ඉහළ මාත්‍රාවකින් ලබා ගැනීම හෘදයාබාද ඇති වීමට හේතුවක් බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිඛෙනවා.

මෙම වේදනා නාශක ලබා ගන්නා පළමු දින 30 ඇතුළත එම අවදානම වැඩි බවයි අනාවරණවී ඇත්තේ.
කෙසේ වෙතත් විද්‍යාඥයින් පවසන්නේ මෙම සොයා ගැනීම සියයට සියක් නිවැරදි නොවිය හැකි බවයි.

වේදනා නාශකවලට අමතරව තවත් සාධක ද මීට හේතුවිය හැකි බව ඔවුන් පවසනවා.

ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායමක් විසින් මෙම අධයයන සිදු කර තිඛෙනවා. ඒ සදහා හාරලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසක් යොදා ගෙන ඇති බව සදහන්.

No comments:

Post a Comment