11 May 2017

ඩෙංගු රෝගය භයානක මට්ටමකට හිස ඔසවයි

ඩෙංගු රෝගයේ කාණ්ඩ හතරෙන් දෙවැනි කාණ්ඩය මේ වසර මුල සිට සක්‍රිය වීම භයානක තත්ත්වයක් වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි.

ඩෙංගු රෝගයේ කාණ්ඩ හතරෙන් 2016 අවසානය දක්වා සක්‍රිය වූයේ එක හා හතර යන කාණ්ඩ දෙක පමණක් බවත් මේ වනවිට එම කාණ්ඩ දෙකේ රෝගය වැලඳීම අඩුවී දෙවැනි කාණ්ඩය ක්‍රියාත්මක වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෂිලා සමරසිංහ සඳහන් කරයි.

එය වෛද්‍යවරුන්ට හෝ සෞඛ්‍ය බලධාරීනට වැළැක්වීමට නොහැකි තත්ත්වයක් යැයිද ඇය අවධාරණය කරයි.

වසංගත රෝග මර්දන ඒකකයේ සංඛ්‍යා ලේඛන අනුව ඉකුත් 08 වැනිදා වනවිට රට පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 43,530කි.

2009 සිට මේ වනතුරු පැවති රෝග කාණ්ඩ 1 හා 4ට හැඩගැසීමක් පැවැතියද 2වන කාණ්ඩයට එසේ නොවීම නිසා රෝගීන් වැඩිවන බවත් 1 කාණ්ඩයේ ඩෙංගු රෝගය වැලඳුණු අයකුට 2 කාණ්ඩය වැලඳුණහොත් අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකි බවත් ඇය පෙන්වා දෙයි.

ඩෙංගු 1 කාණ්ඩයේ රෝගීන් මියයෑම 80%ක්ද 4 කාණ්ඩයේ රෝගීන් 20%ක්ද මීට පෙර වාර්තා වූවත් දැන් රෝගීන්ගෙන් 90%ක්ම 2 කාණ්ඩයේ අය බවද වෛද්‍යවරිය ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment