13 June 2017

අවුරුදු 3300 කටත් ඉස්‌සර ජෙල් ගාලා



ඊජිප්තුවේ අමර්නා ප්‍රදේශයේ පැරණි බිමකින් වසර 3300 කටත් පැරණි මෘත සිරුරු සියයක්‌ පමණ හමු වී ඇත. මෙම මෘතසිරුරු අතරින් 28 ක දිරාපත් නොවුන හිසකෙස්‌ තිබුන අතර ඒවායේ පැහැය අනුව විවිධ ජන කණ්‌ඩායම් මෙහි මිහිදන්ව අතැයි අනුමාන කෙරේ.

මිනිස්‌ හිස කෙස්‌ ගස්‌ 1,50,000 ක්‌ පමණ ඇති අතර හිසකෙස්‌ ගසක කාලය අවු 2-6 වේ. දිනකට කෙස්‌ ගසක්‌ මි. මී. 1/3 ක්‌ පමණ වේ. හිසකෙස්‌ සියල්ල එකම විදිහට නොවැඩෙන අතර සක්‍රීයව වැඩෙන අතර එයින් පසුව වේගය අඩු වේ. හිසකෙස්‌ වැඩෙන වේගය රාත්‍රි කාලයේදී දිවා කාලයට සාපේක්‌ෂව වැඩිය. හිසකෙස්‌ වෙනුවෙන් වර්ණය ලැබෙන්නේ මෙලනින් රසායනයෙන් වෙන අතර මානව වංශ අනුව හිසකෙස්‌ වර්ණ විවිධ වේ. මොන්ගොලයිඩ් මානවයන්ගේ තද දුඹුරු පැහැති හිසකෙස්‌ නෝර්ඩින් ජාතීන්ගේ හිසකෙස්‌ සුදු පැහැති අතර රැලි සහිතය. සිනිඳුය. ඉතාලි ග්‍රීක ජාතිකයන්ගේ දුඹුරු සහ කළු පැහැතිය.

අමර්නා ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද කැණීම් මගින් මෙම මිහිදන් කරන ලද සිරුරු හඳුනා ගත හැකි විය. මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී ජොලන්ඩා බොස්‌ සඳහන් කරන්නේ මෙම හිසකෙස්‌ සැරසිලි ඉතා අපූරු බවයි. විද්‍යාත්මක අෆනයන් මගින් ඔවුන් මෙම කෙස්‌ වෙනුවෙන් තෙල් ආලේප කරන ලද බැව් හඳුනාගෙන ඇත. මෙම හිසකෙස්‌ අළු, දුඹුරු සහ කළු වැනි විවිධ වර්ණයන්ගෙන් යුක්‌ත වූහ. එයින් පෙනී යන්නේ මෙම හිසකෙස්‌ එක්‌ අයෙකුගේ නොව විවිධ පුද්ගලයන්ගෙන් ලබා ගත් හිස කෙස්‌ බැව් තහවුරුව පෙනෙන බවයි. මෙම මළසිරුරු පැදුරු වැනි දැවටුමක ඔතා මිහිදන් කරන්නට ඇති අතර මේ අයගේ නම, වයස, තරාතිරම ආදි කරුණු තවමත් සනාථ කර ගැනීමට ඔවුන් අපොහොසත්ව සිටිති.

ඒ අනුව ඇය කියා සිටින්නේ හිසකෙස්‌ අලංකාර කිරීම වෙනුවෙන් කාන්තාවන්ගේ තිබුණ උනන්දුව අතීතයේ පටන් පැවැතෙන බවයි. මෙම හිසකෙස්‌ ඉතා හොඳින් තෙල් ගා සකසා තිබුණ නිසා ඒවා ආරක්‌ෂිතව තිබුණු බැව් ජොලන්ඩා බොස්‌ සඳහන් කර සිටී. සමහර විට මෘත සිරුර සැරසීම වෙනුවෙන් මේ අන්දමට හිසකෙස්‌ සැරසිලි ඔවුන් යොදා ගන්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ උපකල්පනය වී තිබේ.

එමෙන්ම ඊජිප්තු ජාතිකයන් සාමාන්‍ය ජීවිතයේදීත් තෛල හෙවත් අද අපි ව්‍යවහාර කරන ජෙල් වැනි ද්‍රdවාණයන් යොදාගෙන හිසකෙස්‌ පිළිවෙළට තබා ගැනීමට උනන්දුවක්‌ දක්‌වා ඇත. දිග සහ කෙටි කොණ්‌ඩා වෙනුවෙන් කිසිදු වෙනසක්‌ නොමැතිව මෙම ජෙල් භාවිත කර ඇත. මෘත සිරුරු වෙනුවෙන් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය යොදාගෙන තිබුණත් හිසකෙස්‌ වෙනුවෙන් කිසිදු මැලියම් හෝ සංරක්‌ෂණ ද්‍රව්‍ය යොදාගෙන නොතිබීමත් විශේෂයක්‌ විය.

සමහර මෘතසිරුරුවල පැවැති කෙස්‌ සැරසිලි ගොතා ඒ අගට හැඩ පටි යොදා අලංකාර කරගෙන තිබුණි. ඇතැම් මෘත සිරුරුවල කණ අවට ප්‍රදේශයන් කැරලි කෙස්‌ වලින් සරසා තිබුණි.

අමර්නා වැසියන්ගේ කොණ්‌ඩය සාමාන්‍යයෙන් කෙටිව සකසාගෙන තිබුණ අතර එහි දිග සාමාන්‍යයෙන් සෙ. මි. 20 ක්‌ පමණ වී ඇත. එය උරහිස දක්‌වා වැනි ප්‍රමාණයකින් වූ අතර සුදු පැහැය වෙන විට හෙනා වැනි කෙස්‌ කළු කරන ද්‍රව්‍ය යොදගෙන සුදු බව සඟවාගෙන ඇත.

එමෙන්ම මිහිදන් කරන මෘත සිරුරේ මේ අන්දමින් අලංකාර ලෙස සැරසීමෙන් මතු උපත ලබන විටත් අලංකාර කෙස්‌ කළඹක අයිතිකරුවන් වීමේ අවස්‌ථාව ලබා දීමට බැව් අමර්නා වැසියන්ගේ විශ්වාසය වී ඇත.

| පුන්‍යා චාන්දනී ද සිල්වා

1 comment: