13 June 2017

සමරිසි අයට FaceBook එකේ අලුතින්ම හම්බුණු Reaction එක


කාන්තා සහ පිරිමි සමරිසි (Gay & Lesbian) , ද්වීරිසි (Bisexual) සහ විපර්යාසිත (Transgender) ලිංගික ප්‍රජාව සැමරීමට ලක් කෙරෙන ජුනි මාසය එළැඹීමත් සමඟ ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජජාල වෙබ් අඩවි ද ඊට සැරසී සිටින්නේ මෙම සැමරුමටම ආවේණික වූ දේදුණු වර්ණවලින් තම වෙබ් අඩවි සමරමින්.

ෆේස්බුක් විසින් මෙතෙක් පැවති Like ,Heart ,Smile ,Wow , Sad  Reactions වෙනුවට ජුනි මාසය සඳහා පමණක් සුවිශේෂී වූ  "සමරිසි" Reaction  එකක් හඳුන්වා දී තිබෙනවා. 1978 වසරේදී ගිල්බර්ට් බේකර් විසින් නිර්මාණය කරන ලද දේදුණු  පැහැති  සමරිසි කොඩිය මෙම "Reaction" එක මගින් පිළිබිඹු වේ.

එම කොඩිය ඔබටත් Reaction එකක් ලෙස ලබාගැනීමට නම් ඔබට ෆේස්බුක් හි නිල සමරිසි පිටුවට ලයික් කිරීමට සිදුවනවා.

https://www.facebook.com/LGBTQ/

No comments:

Post a Comment